දීර්ඝ සති අන්තය සහ පාසල් නිවාඩුව මෙන්ම උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවට දුම්රිය ගමනාගමන අධිකාරියේ එන්.ජේ.ඉඳිපොලගේ සඳහන් කර තිබේ.
එසේම කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්රියාත්මක කිරීමට නියමිත බව සදහන්.