නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම් මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මුහුදේ පාවෙමින් තිබූ “ අයිස් “ මත්ද්‍රව්‍ය කිලෝ 04 කට ආසන්න තොගයක් සොයා සිය භාරයට ගත් බව වාර්තා වේ.
වෙරළ කාලාපයේ සිඳු කරනු ලබන විශේෂ සෝදිසි මෙහෙයුම් නිසාවෙන් රට තුළට ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙසේ මුහුදේ අතහැර දමා ගොස් ඇතැයි නාවික හමුදාව සැක පළ කරන බව සඳහන්.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ගන්නා බවට වාර්තා වේ.