කොළඹ වරායේ නවීන රෝහලක් ස්ථාපනය කිරීම සදහා ගිවිසුම් ගත වී තිබෙන බවට වාර්තා වේ.
එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ආසිරි පෝර්ට් සිටි හොස්පිටල් සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සමගයි.
ඇමෙරිකානු ඩොලර් 100ක පමණ ආයෝජනයකින් එම රෝහල ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර එම රෝහලේ ඇදවල් 500ක් පමණ සමන්විත වෙතැයි සදහන් වේ.