එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ පරිසර හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයෙහි පවරන ලද නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි වුවහොත් ඊට වියදම් කෙරෙන මුදල අධිකරණ අමාත්‍යාංශය දැරිය යුතු බවට පරිසරවේදී අජන්තා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හරහා මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට එරෙහිව වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඊයේ (24) පැමිණි අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම නඩුව සිංගප්පූරුවේ ,ගොනුකිරීමේදී ඒ සදහා ඩොලර් මිලියන 04ක් වැය වී ඇති බවත් ඉන් පසු එම නඩුව පවත්වාගෙන යාමේදී මුදල් ගෙවන්නේ කවුරැන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.