පාසල් නිවාඩු හා ගුරු වැටුප් පිළිබඳ අධ්‍යාපන ඇමතිගේ ප්‍රකාශයක්.

ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ මාසයේ පාසල් නිවාඩු ලබාදුන් පසු පෙබරවාරි 2 වනදා යළි පාසල් ආරම්භ කළ ද නව වසරට අදාළ පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක බවයි.

මේ අතර ගුරු වැටුප් විෂමතාවය පිළිබඳව මේ වනවිට සාකච්ඡා කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ජනවාරියේ සිට රාජ්‍ය සේවකයින් සියලුදෙනාටම රු 10,000ක දීමනාව හිමිවන බව ද පැවසීය.

“දෙසැම්බර් 22 නිවාඩු දුන්නහම පාසල් පටන් ගන්නේ පෙබරවාරි 2 වෙනදා. තුන්වෙනි වාරයේ තව සති දෙකක් ගිහින් 16 ආපහු නිවාඩු දීලා 19 පටන් ගන්නවා අලුත් පාසල් වාරය. ගිය අවුරුද්දේ අලුත් පාසල් වාරය පටන් ගත්තේ අප්‍රේල් මාසයේ. අපි තව ඉස්සරහට ගෙනාවා. හැබැයි ලබන දෙසැම්බර් මාසය වනවිට විෂය නිර්දේශ සියල්ල ආවරණය වෙන්න. විභාග පොඩ්ඩක් කල්ගියාට අනිත් ඒවා පුළුවන් තරම් ඉස්සරහට ගන්නවා. ඒක කොවිඩ් -19 විවිධ හේතු නිසා කල්ගිය ඒවා. අපි යාවත්කාලීන කරගෙන යනවා. දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් නිසා කොච්චර අභියෝග තිබුණත් ලබන අවුරුද්දේ පෙළ පොත්වලට 1,020,000ක් වෙන් කරලා තියෙනවා. නිල ඇඳුම්වලට මිලියන 6,500ක් වෙන් කළා. පාවහන්වලට මිලියන 2,200ක්, දිවා ආහාරයට 16,000ක් මේවා අත්‍යාවශය කරුණු. හැමෝටම රු 10,000ක දීමනාවකුත් හම්බ වෙනවා. ගුරු වැටුප් විෂමතාවය ගැනත් සාකච්ඡා කරනවා. රු 10,000 ඔක්කෝටම ලැබෙනවා.”

Exit mobile version