ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ වැදගත්කම ජපානය අවධාරණය කර ඇති බව වාර්තා වේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී ණයහිමි රටවල් සමග ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණි බව සදහන්.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පසුගිය වසරේ දී පිහිටුවා ගත්තේය.
ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන්ය.