ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්රියාත්මක කිරීම ප්රතික්ෂේප කරන බවට ඊශ්රායල ආග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇති බව වාර්තා වේ.
ටෙල්අවිව් නුවරදී ඔහු ප්රකාශ කර ඇත්තේ, සටන් විරාමයක් ප්රකාශයට පත්කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් බවයි.
බයිබලය උපුටා දක්වමින් ඊශ්රායල අග්රාමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ, මේ යුද්ධය සඳහා කාලය වැය වන බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන මානූෂීය සටන් විරාමයක් සඳහා නැවතත් ඉල්ලීම් කර තිබූ බව සදහන්.