ළමුන් ඇතුළු 10,000කට අධික සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ පලස්තීනයට සහ එවැනිම තත්ත්වයක සිටි ශ්‍රී ලංකාවට සළකන ආකාරය උපුටා දක්වමින් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ දේශනයකදී දැඩි ලෙස විවේචනයට ලක්කළේය.
බටහිර ගැති නායකයකු ලෙස සැළකෙන රනිල් වික්‍රමසිංහගේ මෙම විවේචනාත්මක ප්‍රකාශය පැමිණෙන්නේ එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වගවීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින අවස්ථාවකය.
ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීමට ඉඩ දීම සඳහා ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර ගැටුමට මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවකට එක්සත් ජනපදය පසුගිය මාසයේදී සිය නිෂේධ බලය භාවිත කළේය.
එතැන් සිට, රෝහල් ඇතුළු බොහෝ ස්ථානවලට එල්ලවූ ඊශ්‍රායල ගුවන් බෝම්බ ප්‍රහාරවලින් පලස්තීනුවන් දහස් ගණනක් මිය ගොස් ඇත.
“ඇයි මේ අය මෙහෙම හැසිරෙන්නේ? මොකද, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඔවුන් සියලුදෙනාම එකතු වෙලා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කළා,” වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැලිමඩ නගරයේ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව සභාව අමතමින් ඊයේ පැවසීය.
“මෙම අවස්ථාවේදී සටන් විරාම යෝජනාවට සංශෝධන ඉදිරිපත් කළ රට කැනඩාවයි. කැනඩාව දැන් මෙම යෝජනා ගෙනයෑමේ හෙංචයියා බවට පත්ව සිටිනවා. විරුද්ධව යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගත්තා. දැන් ඉතින් අපි හැමෝම එය අනුගමනය කළ යුතුයි. ”යැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය වැනි බටහිර ජාතීන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් වූ බවටත් සුළුතර අයිතීන් තහවුරු කරන ලෙසත් චෝදනා කරමින් අනතුරුව පත්වූ ශ්‍රී ලංකා රජයන්ට නිරන්තරයෙන් බලපෑම් කර තිබුණේ පසුගිය 2009 දී අවසන් වූ 26 වසරක යුද්ධයේ අවසාන අදියරේදී වූ බව කියනු ලබන යුද අපරාධ විමර්ශනය කිරීමට යෝජනා මාලාවකටද සහාය දෙමිනි.
“අපට අදාළ දේ ගාසා තීරයටත් අදාළ විය යුතුයි. එක්සත් ජනපදය අපට පවසා ඇති දේ,ගාසා තීරයේත් බලාත්මක කරන බවට ඔවුන් සහතික විය යුතුය. දැන් තියෙන්නේ වෙනස් ක්‍රම දෙකක්, ගාසා තීරයේදී කතා කරන්නේ මුස්ලිම් ජනගහනයේ ගැටලු විසඳීමට. එහෙනම් ශ්‍රී ලංකා රජය හැටියට අපිත් අපේ ගැටලු විසඳිය යුතු නම්, අපට වෙනස් නීතියක් ඇත්තේ ඇයි? පලස්තීනුවන් සියල්ලෝම මුස්ලිම්වරුන් වන අතර ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේම තැනක කොන්කරඉන්නවා. ඉතින්, මම එක්සත් ජනපදයෙන් අහනවා, මෙය අපට අදාළ නම් ගාසා තීරයට අදාළ නොකරන්නේ ඇයි? ” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
“ඇත්ත වශයෙන්ම ඔවුන් අපට පවසන්නේ සටන් විරාමයක් අවශ්‍ය නොවන බවත්, මෙය මානුෂීය විරාමයක් ලෙස හඳුන්වන දෙය පමණක් බවයි. දැන් අපි මුහුණ දෙන ප්‍රශ්නය මෙයයි. හරි අපි කියමු එක්සත් ජනපදය ගාසා ප්‍රශ්නය හසුරුවන බව, අපි ලබන වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යන විට, අපි විනිශ්චය කරන්නෙත් මේ දෙයින්. අපිට එක නීතියක්, අනිත් අයට වෙනත් ප්‍රතිපත්තියක්.
ඒ නිසා තමයි මම දැන් කල්පනා කරන්නේ, ඔබ සියලු දෙනාම උසාවියේදී ක්‍රියාත්මක කරන එම නීතිය ගැන ඔබ පිරිසිදු දෑතින් උසාවියට පැමිණිය යුතු බවයි. ඒ දේශීය අධිකරණ බල ප්‍රදේශවල. සමහර අවස්ථාවල අන්තර්ජාතික විනිශ්චය සභාවලද ඔවුන් පවසා ඇත්තේ පිරිසිදු දෑතින් උසාවියට පැමිණිය යුතු බවයි. එසේ නම් එය මෙහිද යෙදිය යුතු නොවන්නේ ඇයි? ලබන සැප්තැම්බරයේ පිරිසිදු දෑතින් එන්න. එවිට අපි ඔබට පිළිතුරු දෙන්නම්. ඔබට පිරිසිදු දෑත් නොමැති නම්, අපි ඔබට පිළිතුරු දිය යුත්තේ ඇයි? මට ඇති ප්‍රශ්නය එයයි. එබැවින්, මෙම ප්‍රශ්නය පිළිබඳ අන්තර්ජාතික නීතිමය අදහස් විමසන ලෙස නීතිපතිවරයාගෙනුත් එක්සත් ජාතීන්ගේ අපගේ ස්ථිර නියෝජිතයාගෙනුත් අධිකරණ ඇමැතිවරයාගෙන් සහ විදේශ කටයුතු ඇමැතිවරයාගෙන් මම ඉල්ලා සිටිනවා.
“පිරිසිදු දෑතින් උසාවියට”, එය මානව හිමිකම් කවුන්සිලයට අදාළ නොවිය යුත්තේ ඇයි? මේ තරම් කඩකිරීම් අනුමත කරපු රටකට ඇවිත් කියන්න පුළුවන්ද, අපිට ඒක කරන්න එපා කියලා. ඉතින් අපි අධ්‍යයනය කර ඉදිරියට යා යුත්තේ මෙයයි. එය අපගේ අනෙකුත් නීති වෘත්තිකයන්ගේ, අපගේ නීතිඥ සංගමයේ සහ අගවිනිසුරුවරයාගේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා උපදෙස් අවශ්‍ය වන කරුණක්. ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ඉල්ලා සිටිය හැකියි. ඔබට අපට එක නීතියක් සහ තවත් කෙනෙකුට තවත් නීතියක් තිබිය නොහැකි කියන දෙය මම හිතන්නේ අපි දැන්විය යුතුයි , මම එයට විරුද්ධයි. එය සැමට අදාළ නම් මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. එය සියල්ලන්ටම අදාළ නොවන්නේ නම්, අප එය කළ යුත්තේ ඇයි? නමුත් අපි එහි යන විට මතක තබා ගත යුතුයි අද සිට ඒ දවස දක්වා අපේ දෑත් පිරිසිදුව තිබිය යුතු බව. ඒකයි මම කියන්නේ රාජපක්‍ෂ ජනාධිපතිතුමා සහ බෑන් කී මූන් අතර ඇතිකරගත් එකඟතාව ක්‍රියාත්මක කළ යුතු බවත්, රට තුළ ජාති ආගම් මුල්කරගත් සිදුවීම් ඇති නොවිය යුතු බවත්. සතියකට පමණ පෙර මඩකලපුවේදී අපට අවාසනාවන්ත සිදුවීමක් වුණා. නමුත් නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුය. අපි නීතිය හා සාමය ක්‍රියාත්මක කරනවා, එය රකිනවා, මෙය භාර ගන්නවා.
ගෝලීය දකුණෙන් සහ ගෝලීය උතුරේ කොටසකින් මෙම ප්‍රශ්නයේදී විශාල සහයෝගයක් ලබා ගැනීමට අපි මෙවර ස්ථාවරයක සිටින බව මම සිතනවා. අපි මෙහි මූලධර්මය ගතයුතුයි . ඔබ අපට විරුද්ධව එය ගෙන එනවානම්, අපිත් ඔබට විරුද්ධව එම ප්‍රශ්නය ගෙන එනවා. එක්සත් ජනපදය පවසන පරිදි, නීති මත පදනම් වූ නියෝගය සඳහා අපි සියල්ලෝම එකයි.
අපට නීති-පාදක නියෝගයක් අවශ්‍යයි, නමුත් එවිට නීතිය සෑම කෙනෙකුටම අදාළ විය යුතුය. එය සමහරුන්ට අදාළ විය නොහැකි වෙන්නත් අනෙක් අයට අදාළ වෙන්නත් බැහැ. ඉතින් ඒ අර්ථයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් රටවල් රැසක සහයෝගය ඇතිව ලබන අවුරුද්දේ මොනවද අපිට අත්හදා බලන්න තියෙන්නේ. මම මෙම අදහස ඔබ සමඟ බෙදා ගැනීමට සිතුවේ එවිට අපට ඔබේ අදහස් ද ප්‍රතිපත්ති සම්පාදනය සඳහා එක්කර ගනිමින් ඉදිරියට යන්න පුළුවන්.ඕනෑම නීතීඥයෙක් කරනවා වගේ අපි බලමු කොහොමද කරන්නේ කියලා. අපි සාර්ථක වන බව මට විශ්වාසයි. ”
(ceylonwire )