ආයතනික විභාග පැවැත්වීම වෙනුවෙන් රාජ්ය ආයතන 09කින් විභාග දෙපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහස්හාරසිය හතක මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය වාර්තා කර තිබේ .
ඉකුත් වර්ෂයේ (2022) අවසන් වනවිට මෙම මුදල අයවීමට තිබු අතර අදාළ ආයතන වෙතින් වියදම් අයකර ගැනිමේ නිශ්චිත ක්රමවේදයක් සහිත උපදෙස් ලබාදෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලිමක් ද කර තිබේ .
නමුත් ඒ සදහා මේ වන තෙක් ප්රතිචාර ලැබී නොමැති බව විගණන වාර්තාව සඳහන් කර තිබේ .
ආයතන විභාග පවත්වා ගාස්තු අයකළ යුතු බව ප්රකාශකර සිටියද සම්පුර්ණ මුදලම හෝ අත්තිකාරමක් නොගෙන විභාග 09ක ප්රථිපල නිකුත්කොට තිබු බවද විගණනය මඟින් වැඩි දුරටත් අනාවරණය කර තිබේ .