ගාල්ල දුම්රිය මාර්ගයට ගලක් පෙරළේ.

ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසල දුම්රිය මාර්ගයට අද (01) උදෑසන ගලක් පෙරලිම නිසා රුහුණු කුමාරි දුම්රියේ ඉන්ධන ටැංකියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති බව වාර්තා වේ.

මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු රුහුණු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්න වෙමින් තිබියදි බිංගෙය අසල උස් ඉඩමක තිබු ගලක් පෙරලී ඇති අතර එහිදි දුම්රිය මාර්ගයට සහ දුම්රියේ ඉන්ධන ටැංකියේ යට වැදි ඉන්ධන ටැංකියටද හානිවි ඇති බව සදහන්.

එම අවස්ථාවේ ඉන්ධන කාන්දුවක් සිදුවු බවත් මෙම දුම්රි‍යේ එන්ජින් දෙකක් තිබෙන නිසා පසුව අනෙක් එන්ජිමෙන් දුම්රිය ධාවනය කිරිමට පියවර ගත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා තිබේ.

Exit mobile version