එළඹෙන මැතිවරණය ගැන ප්‍රබල තීරණයක්.

එළඹෙන මැතිවරණවලදී දෙමළ දේශපාලන පක්ෂවල සහ මෙරට සුළු පක්ෂවල සහයෝගය ආණ්ඩුවක් බිහිකිරීමට හෝ නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා ප්‍රබල සාධකයක් වනු ඇති බවට දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබේ.

මෙරට සුළු ජාතික පක්ෂ ඡන්ද ප්‍රතිශතය සියයට 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම දෙමළ දේශපාලන පක්ෂ සහාය ලබා දෙන ආකාරයද සලකා බැලීමේ දී මහමැතිවරණය සහ ජනාධිපතිවරණය මෙම කාරණා කිහිපය මත රඳා පවතිනු ඇති බවට දේශපාලන විචාරකයින් සඳහන් කර තිබේ.

එමෙන්ම උතුරු – නැගෙනහිරට මෙන්ම වතුකරයට ද පත්වන දේශපාලන නායකත්වය සමග මෙම තත්ත්වයන් බොහෝ සේ වෙනස් විය හැකි බව සදහන්.

ඉලංගෙයිතමිල් අරුසු කච්චි පක්ෂයේ සහයෝගය සහ මුස්ලිම් පක්ෂවලද සහයෝගය මෙහිදී එක සමාන වනු ඇති.

පසුගිය දා අවසන් වු ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා තේරීමේ දී ශ්‍රී ධරන්ගේ ජයග්‍රහණය කෙරෙහි මෙරට සිංහල දේශපාලන පක්ෂ නායකයින් ද දැඩි අවධානයක් යොමු කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ නායකයා ද තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා වනු ඇති බවට විවිධ මත පළ වීමයි.

Exit mobile version