ජනපතිගෙන් සැර ප්‍රකාශයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යවා ඇති බව පැවසෙන ලිපි තුන සම්බන්ධයෙන් තමා සොයාබලන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

අද (22) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එම ලිපි තුනම තමා වෙත එවන ලෙසයි.

එම අවස්ථාවේදී විපක්ෂනායකවරයා පැවසුවේ තමන් එම ලිපි තුනම සභාගත කළ බවයි.

Exit mobile version