ඉංගිරිය කුරන අක්කර 36 මාර්ගයේ සිට කුරන හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් , එහි පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබූ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසු පැදිකරු හොරණ රෝහලට ඇතුළත් කිරීමේ දී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වූ බව වර්තා වේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හඳපානගොඩ ප්රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි. මරණකරුගේ මෘත දේහය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඉංගිරිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.