සිසුවෙකු වැවට බිලි.

ලග්ගල පොලිස් වසමේ තොරපිටිය වැවේ දියනාමින් සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

හලාවත ප්‍රදේශයේ උපකාරක පන්තියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සදහා පැමිණ සිටි සිසුන් 10 දෙනෙකු පමණ තොරපිටිය වැවේ දිය නාමින් සිටියදී එක් සිසුවෙකු අනතුරට ලක්ව ඇති බව සදහන්.

ඊයේ (11) දහවල් කාලයේ සිදු වූ අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ ,හලාවත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.

ඔහුගේ මෘත ශරීරය දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර ලග්ගල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version