පානම පොලිස් වසමේ පානකුල මුහුදු තීරයේ දියනෑමට ගිය දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ .
එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15ක සුමේද මාවත, ගනේමුල්ල ප්රදේශයේ පදිංචි දරුවෙකි.
දරුවා ගනේමුල්ල ප්රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග දියනාමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව තිබේ. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව අතුරුදන්ව ඇති දරුවා සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.