අද (3) පෙරවරුවේ වැල්ලවාය – මොණරාගල ප්රධාන මාර්ගයේ මල්වත්තාවල මංසන්ධියට ආසන්නයේ ධාවනය වෙමින් තිබූ ත්රී රෝද රථයක් හදිසියේ ගිනි ගත් බව වාර්තා වේ.
ත්රී රෝද රථයේ වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ ගිනි ගන්නට ඇති බව පොලීසිය සැක පළ කරන බව සඳහන්.
ත්රී රෝද රථයේ ගින්න ඇති වූ අවස්ථාවේ එහි රියදුරු විසින් රථය නවතා ඇති අතර ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බව වාර්තා කරයි.