ඇල්ල වැල්ලවාය මාර්ගයේ 10 කණුවට ඉහළ රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය ,දිස්ත්රික් ආපදා කළමණාකරණ කාර්යාලය, වනජීවි දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගත් බවට පොලිසිය ප්රකාශ කර තිබේ.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් සිදු වී නොමැති බව සදහන්.
මේ පිළිබඳව ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.