ට්වීටර් සමාගම විසින් පුද්ගලයෙකු හට කියවිය හැකි දෛනික ට්වීටර් පණිවුඩ සංඛ්‍යාව සීමා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සත්‍යාපනය කරන ලද මාසිකව ඩොලර් 08 ක් වැය වන ගිණුම් සඳහා දිනකට පණිවුඩ 8,000ක් කියවීමට අවස්ථාව හිමි වන බවත් , සත්‍යාපනය නොකළ හෝ නොමිලයේ ක්‍රියාත්මක ගිණුම් සඳහා දෛනිකව පණිවුඩ 800 ක් පමණක් කියවීමට අවස්ථාව හිමි වන බවත් සඳහන් වේ.
දත්ත වංචා වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව එහි වත්මන් හිමිකාර Elon Musk ප්‍රකාශ කර තිබේ.