ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් මිලියන 136කට අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
බොරැල්ල පොලිස් වසමේ කොටා පාරේ පිහිටි පර්චස් 87.5ක ඉඩමක් සඳහා මෙසේ ව්‍යාජ ඔප්පුවක් සකසා අලෙවි කර ඇති බවට පොලීසිය පවසයි.
සැකකරු ඊයේ (10) රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 55ක රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඊයේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ශරීර ඇප මත නිදහස් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.