අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් ග්රෑම් 02යි මිලිග්රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටියදී තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වාරයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (19) දහවල් කාලයේදී තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කුඩාවැල්ල ධීවර වරායේදී අපරාධ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී තංගල්ල මහෙස්ත්රාත් අධිකරයේ විභාග වන නඩුවකට අදාළ වරෙන්තු නිකුත්ව සිටින පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම සැකකරු තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් හා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සහ නිවසක් බිඳ රුපියල් ලක්ෂ හතරකට අධික දේපොළක් සොරකම් කිරීම යන අපරාධවලට සම්බන්ධ බවටද අනාවරණය වී ඇති බව වාර්තා වේ .
සැකකරුගේ ප්රකාශ මත සොරකරම් කරන ලද ශීතකරණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .