ළිඳක් තුළ තිබී පුද්ගල මළසිරුරක් හමු වී ඇති බව වාර්තා වේ.
පසුගිය (10) වන දින බුත්තල පොලිස් වසමේ යුදඟනා ජනපදයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට බුත්තල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව ඊයේ (11) උදෑසන බුත්තල ප්රදේශයේ ළිඳක් තුළ තිබී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28ක බුත්තල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර බුත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.