බදුල්ල මහියංගන ප්රධාන මාර්ගයේ විසි එක්වන සැතපුම් කණුව හැවන්දාන, කිරිවැල්කැටිය මංසන්ධිය ආසන්නයේ තිබී සැක කටයුතු අන්දමින් මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් අද (12) අළුයම සොයාගත් බව වාර්තා වේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කන්දකැටිය බදුලු ඔය හැවන්දාන කිරිවැල්කැටිය පදිංචි දිසානායක මුදියන්සේලාගේ නන්දන කුමාර නැමැති අවුරුදු 26ක් වයසැති තරුණයෙකි.
මොහු අළුයම් කාලයේ මෙම ස්ථානයට පැමිණියේ කෙසේද? යන්න සහ මෙම මරණය සිදුව ඇත්තේ කෙසේද? යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව සදහන්.
අද (12) දහවල් මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සදහන්.