කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයෙකු සොයා පරීක්ෂණ සිදුකරන බවට කළුතර දකුණ පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
ඊයේ (13) මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වන විට කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවට පොලීසිය පවසයි.
ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරන බවද අනාවරණය වී ඇත.
ඔහුගේ දෙඅත්වලට පිට ප්‍රදේශයට කඩු ප්‍රහාර 3ක් එල්ලවී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශයේ CCTV දර්ශන උපයෝගී කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.