යාපනය කොඩිකාමම් ප්රදේශයේදී කඩු කල්ලියක් විසින් තරුණයෙකුට කඩු ප්රහාරයක් එල්ල කොට පසුව තරුණයාගේ නිවසටද හානි කොට පලා ගොස් ඇති බව වාර්තා වේ.
ප්රහාරයට ලක්වූ තරුණයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ප්රහාරයට ගොදුරුව ඇත. පසුව ඔහු යතුරු පැදිය දමා නිවසට පලා ගොස් ඇති බව සදහන්.
එහිදී අදාල තරුණයාට ප්රහාරය එල්ල කල කණ්ඩායම නිවසටද ඇතුළුව නිවසටද ප්රහාරයක් එල්ල කොට අලාභ හානි සිදු කොට පලා ගොස් ඇති බවට පොලීසිය පවසයි.
ප්රහාරයෙන් තුවාල ලැබු තරුණයා චාවකච්චේරි ප්රාදේශිය රෝහලේ ප්රතිකාර ලබන අතර කොඩිකාමම් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන්.