මෙවර ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලිය යටතේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (18) පැවැත්වෙන බව වාර්තා වේ.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වී තිබේ.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි.
ඇෆ්ගනිස්තාන ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 288ක් රැස් කර තිබේ.
තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 289කි.