කතරගම කොළඹ ධාවනය වන ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් වැලිගම නගරයේදී ත්රීරෝද රථයක් හා ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් මිරිස්ස ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් වන ත්රීරෝද රථ රියදුරු සහ එහි ගමන් කළ තරුණියක් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කළ බවට පොලිසිය පවසයි.
මූලික පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙපල යම්කිසි මත ගැටුමක් සම්බන්ධයෙන් උරණවී ගමන් කරමින් සිට ඇති බවයි.
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.