අමෙරිකාවේ ටෙක්සාස්හි හෝටලයක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොතිබුණ ද හෝටලයට දැඩි හානි සිදුව තිබූ බවට විදෙස් මාධ්‍ය කර තිබේ.
නඩත්තු කටයුතු සිදුවෙමින් පැවති හෝටලයේ අවහන්හලේ සිදුවූ ගෑස් කාන්දුවක් පිපිරීමට හේතුවන්නට ඇති බවට සැකපළ කරනු ලබයි.
පිපිරීමෙන් පසුව හෝටලයේ බිම් මහලේ පිරිසක් සිරව සිට ඇති අතර ඔවුන්ව ආරක්ෂිතව මුදා ගැනීමට ගිනි නිවීමේ අංශ සමත්ව තිබුණි.