ත්රීරෝද රථයක් ලංගම බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඇඹිලිපිටිය මිද්දෙණිය පාරේ කුඹුගොඩ ආර ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ත්රීරෝද රථයේ රියදුරු වූ කටුවන ,බුරුන්දයායේ පදිංචිකරුවෙකු වූ ජී.ඒ.රංජිත් නැමැති පනස් හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලබා ඇත්තේ ත්රීරෝද රථයේ පැමිණි තිදෙනෙකි.ඔවුන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව සදහන්.
ලංගම බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.