අද (28) උදෑසන ආරච්චිකට්ටුව පොලිස් වසමේ කොට්ටගේ දුම්රිය හරස් මාර්ගයේ දී ධාවනය වෙමින් තිබූ දුම්රියක ත්රීරෝද රථයක් ගැටී සිදු වූ අනතුරින් ත්රී රෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට නූර් නගර් දක්වා ධාවනය වූ දුම්රියක් සහ ත්රීරෝද රථයකි.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 66ක් වූ බංගදෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත දේහය මුන්දලම රෝහලේ තැන්පත් කර ඇති අතර ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.