ත්‍රීරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට.

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි සියයක පමණ ප්‍රපාතයකට වැටී ඇති බවට මස්කෙලිය පොලීසිය වාර්තා කරයි.

අද (09) පස්වරු 03ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය, හපුගස්තැන්න ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තිබේ.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු 03ක කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට යොමුකර ඇති බව සදහන්.

තුවාලකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අවමංගල්‍ය උත්සවයකට පැමිණ, එම උත්සවය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මස්කෙලිය නගරයෙන් මිල දී ගෙන පසුව පිරිස නැවත අවමංගල්‍ය උත්සවයට පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදු ව ඇති බව සදහන්.

Exit mobile version