මැතිවරණ දිනය ගැන උදයංග වීරතුංගගෙන් ඉගියක්.

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඔහු පවසන්නේ විවිධ වරප්‍රසාද හේතුවෙන් ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කරන බවට ප්‍රකාශ කළ ද එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම් මට්ටමේ මතය නොවන බවයි.

“කැට තියලා කියනවා සිංහල අවුරුද්ද ඉවර වුණාට පස්සේ, මහ මැතිවරණයකට දින නියම වෙනවා. මහ මැතිවරණයෙන් පොහොට්ටු බහුතරය දිනාගන්නා බව අපට විශ්වාසයි. අද බැසිල් මහත්තයා සුදානම් නායකත්වය දෙන්න අපේ පෙරමුණට. ඒක පිළිගන්න අය ආවේ. මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තයා පිළිගන්න ආවා. ඒකම හොඳ ආරම්භයක් නේ. රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයෙන් ආවොත් ලක්ෂ දෙකහමාරට තව 50,000ක් එකතු වෙයි. ඔය ප්‍රකාශයකයෝ පත්කරත් ඔයිට වඩා ලැබෙනවා. ඇමතිකම බේරගන්න, යම්කිසි තනතුරක් ලබාගන්න උඩ දාලා ගත්තට ගමේ ජනතාවගේ දැක්මක් තියෙනවා. පොහොට්ටුවේ නායකයා කරන්නේ ඒ ඉල්ලීම.”

ජනවරම විනාශ කර ගත් පොදුජන පෙරමුණට දේශපාලන අනාගතයක් නොමැති බව මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

කෙසේවෙතත් ඉදිරි මැතිවරණයක දි සියලු පක්ෂවල සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමිවන බවට අකිල විරාජ් කාරියවසම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බව සමගි බලවේගයේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසයි.

Exit mobile version