සංචාරක වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළිලා.

අද (26) උදෑසන වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙන බව වාර්තා වේ .

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු සහ සංචාරකයන් සිව්දෙනෙකු සිට ඇති අතර අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බව සඳහන්.

අනතුරින් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version