මෙම වසරේ ජනවාරි 01 වනදා සිට අප්‍රේල් 08 දක්වා කාලය තුළ සිදු වූ රිය අනතුරු 534කින් පුද්ගලයන් 564 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වේ.
එම කාලය තුළ සිදුවූ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා 1,345ක් රෝහල් ගත කළ අතර සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 2,446ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර පසුගිය දින පහ තුළ මාරක රිය අනතුරු 21ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබේ.