බාල වයස්කරුවෙකු විසින් බාලවයස්කාරිනියක් දූෂණය කිරීමේ ඛේදනීය පුවතක් කුරුණෑගල – කොහිලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.
වයස අවුරුදු 15ක් වන බාලවයස්කාරිනිය ව 17 හැවිරිදි බාලවයස්කරුවෙකු විසින් ඇයගේ නිවසට ම පැමිණ කිහිපවරක් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තාවී ඇත්තේ.
මෙම බාලවයස්කරු නිරන්තරයෙන් ම ඇයගේ නිවසට පැමිණ ඇති බවත්, නිවසෙහි වැඩිහිටියන් නොමැති අවස්ථාවේ දී, 15 හැවිරිදි දැරිය ව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළි ව ඇත්තේ.
මෙලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක් වූ ඇය නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ‘කසිප්පු’ පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බවත්, ඇයගේ නැන්දණිය ද, මත්ද්‍රව්‍ය පානය කරන්නියක් බවත්, ඒ හේතුවෙන් එම බාලවයස්කාර දැරිය මත්ද්‍රව්‍යයට යොමු ව ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිදරව්වී තිබේ.
බාලවයස්කරුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, දැරිවිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.
බාලවයස්කරුගේ මෙම ක්‍රියාකාරකම් දැරියගේ නිවසේ විසූ අත්තම්මා සහ ඇයගේ අක්කා දැකීමෙන් පසු ඔහු නිර්වස්ත්‍රව ඇඳ සිටි ඇඳුම් ද දමා දිවගොස් තිබෙන බව වාර්තා වේ.
කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් එම ඇඳුම් ස්ථාන පරීක්ෂාවේ දී විමර්ශන සඳහා ලබාගෙන ඇත.