වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් .

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් පිපිරී යෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පවතින බවට දුම්රිය පාලක මැදිරිය පවසා ඇති බව වාර්තා වේ.

අද (22) උදෑසන මෙලෙස පීල්ල පුපුරා ගොස් ඇත්තේ පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේය.

ඒ හේතුවෙන් දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවට දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version