මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
ඒ, මග්ගොන ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයකු පීලි අතර සිරවීම හේතුවෙනි.
මේ හේතුවෙන් රුහුණු කුමාරී සහ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියන් විනාඩි 35 සහ 30 බැගින් ප්‍රමාදවී ධාවනය වූ බව සඳහන්.
මියගොස් ඇති පුද්ගලයා ගාල්ල සිට ගල්කිස්ස බලා ධාවනයවූ මන්දගාමී දුම්රියේ ගැටෙන්නට ඇති බවට සැක පලකරන බවට දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව සදහන්.
මෘතදේහය පයාගල දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.