පුත්තලම මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
ඒ, භාණ්ඩ ප්රවාහනය කරමින් තිබූ දුම්රියක් රාගම සහ ජා-ඇල දුම්රිය ස්ථාන අතර පීලිපැනීමකට ලක්වීම හේතුවෙනි.
කොළඹ සිට සීදුව දක්වා භාණ්ඩ ප්රවාහනය කරමින් තිබූ දුම්රියක එංජිමේ රෝද දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව සදහන්.