බදුල්ල බිබිල ප්රධාන මාර්ගයේ මීදුම්පිටිය ප්රදේශයේ දී මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් මාර්ගයට මෙලෙස ගස කඩා වැටී තිබේ.
මේ වන විට මාර්ගයෙන් ගස ඉවත් කිරීමට කටයුතු කරන බව සදහන්.