හැටන් සිට ලිදුල දක්වා ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්රපාතයට පෙරලිමෙන් එම වෑන් රථයේ රියදුරා සහ අයිතිකරු තුවාල ලබා ලිදුල ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර , පසුව ඔවුන් වැඩි දුර ප්රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.
වෑන් රථය හැටන් දික්ඔය නගරයේ ගරාජයකින් අලුත්වැඩියා කරගෙන ආපසු ලිදුල මටුකැලේ දක්වා ධාවනය කරන අවස්ථාවේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරළි ඇති බවත්, වෑන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවත් පොලීසිය සැක පල කරයි.