චීනයේ ගුවැන්ඩොන් ප්රාන්තයේ අද (10) උදෑසන ළදරුවන් සඳහා වූ පාසලක සිදුකළ පිහි ඇනුමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම ප්රහාරය සම්බන්දයෙන් එරට පොලීසිය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම පාසලේ ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් බව පැවසේ.
මෙම පිහි ඇනුම් ප්රහාරය ඉතා සැලසුම් සහගතව සිදුකර ඇති බව පොලීසිය පවසා තිබේ.