මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට එම ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටී ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, එම බිත්තියට යටවීමෙන් අදාළ සේවකයින් දෙදෙනා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එලෙස ඇතුළත් කිරීමේදී 45 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබනු ලබයි.