හලාවත – අඹකදවිල ශාන්ත රෝගුස් කනිටු විද්‍යාලයේ තාවකාලික තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අද (12) දහවල් සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 11වන ශ්‍රේණියේ සහ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.
විද්‍යාලයේ ගොඩනැගිලි අතර ඉදිකර තිබෙන අවකාශයක් වසා දැමීමට ගේට්ටුව වසා දැමීමට උත්සාහ කිරීමේදී මෙම තාප්පය කඩා වැටී ඇති බව වාර්තා වේ.
මෙහිදී තුවාල ලැබූ සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් ප්‍රතිකාර සදහා හලාවත රෝහලට ඇතුලත් කර ඇති අතර සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබේ.