මහබාගේ ප්‍රදේශයේ මස් කඩහිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය 21 වනදා උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබූ අතර එහිදී මස් කඩහිමිකරු වන 42 හැවිරිදි ජා ඇළ උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි දොන් සුජිත් හෙවත් උකුක්වා නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.
පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් ඇත්තේ, අදාළ ඝාතනය සඳහා යතුරුපැදිකරු ලෙස ක්‍රියාකළ පුද්ගලයා බවට හඳුනා ගෙන තිබේ.
ඝාතනයට ලක් වූ උක්කුවා නැමැත්තා විදෙස්ගතව සැඟව සිටින “වැල්ලේ සාරංග” නම් අපරාධකරුගේ නැගණියගේ සැමියා බවට පසුව අනාවරණය වුණි.
“වැල්ලේ සාරංගගේ” ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන තවත් අපරාධකරුවකු වන ඩුබායි නිපුන නැමැත්තාගේ පාර්ශ්වයෙන් මියගිය පුද්ගලයාට මරණ තර්ජන තිබීම හේතුවෙන් පොලීසිය ඔහුට අදාළ වෙළඳසැලට නොපැමිණෙන ලෙසද මින්පෙර දැනුම්දී තිබිණි.
එමෙන්ම “වැල්ලේ සාරංගද” ඒ බව දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් පොලිස් අත්සන් පොතක්ද අදාළ වෙළෙඳසැළ තුළ තබා තිබූ අයුරු දැක ගන්නට ලැබුණු බව වාර්තා වේ.
එවන් පසුබිමක ඝාතනයට ලක්වූ පුද්ගලයාට ඩුබායි නිපුනගේ පාර්ශ්වය විසින් මරණ තර්ජන සිදුකර තිබුණි.
ඒ බව නොතකා ඔහු වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේදී ඝාතනය සිදුවී තිබිණි.