ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් .

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද (03) රාත්‍රී 11.30 වන තෙක් එම අවවාදාත්මක දැනුම්දීම වලංගු බවයි.

දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, වයඹ සහ උතුරු මැද පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතීන බව එහි සඳහන්.

එමෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද  එහි දැක්වෙයි.

ඇතැම් ප්‍රදේශවල මි.මී 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති වේ.

එබැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version