රියදුරන්ට අනතුරු ඇඟවීමක්.

මේ දිනවල නුවරඑළිය ප්‍රදේශයට පතිත වන පොද වැස්සත් සමඟින් අධික ලෙස ඝණ මීදුම් තත්ත්වයක් පවතින බැවින් ඉදිරියෙන් එන වාහන නොපෙනීමේ තත්ත්වයක් හා පෝනින් මාර්ගයට පැනීමෙන් වාහන අනතුරු බහුලව සිදුවන බැවින් රියදුරන්ට ප්‍රවේශම්කාරීව කටයුතු කරන ලෙසට නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි ඉල්ලා සිටි.

නුවරඑළිය නගර සීමාව , හාවාඑළිය බොරලන්ද උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය , නානුඔය තලවකැලේ හැටන් ප්‍රධාන මාර්ගය , නානුඔය රැදැල්ල කෙටි මාර්ගය , නුවරඑළි පට්ටිපොළ ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි මෙම ඝන මීදුම් තත්ත්වය හා ඕනින් මාර්ගයට පැනීමේ අවදානම් තත්ත්වය පවතින බැවින් මෙම මාර්ගයන්හි වාහන යෙදවීමේදී ඉතාමත්ම අඩු වේගයකින් හා සැලකිලිමත්ව වාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙසද නුවරඑළිය පොලිසිය රියදුරන්ට දන්වා සිටි.

තවද ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනීමේ තත්ත්වයක් පවතින බැවින් සෑම වාහනයකම ආලෝක සංඥා විදුලි පහන් දල්වාගෙන යෑමට කටයුතු කරන ලෙසත් නුවරඑළිය රථවාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.

Exit mobile version