සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් .

නල්ලතන්නිය, මරේ තේවතුයායේ තේ කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමයින් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම නිසා 12 දෙනෙක් තුවාල ලබා  මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කර ඇති බවට නල්ලතන්නිය පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් අතර ගැහැණු ළමයින් 12 ක් හා පිරිමි ළමයින් 03 දෙනෙක් සිටිති.

  අවුරුදු 12 හා 13 වයස්වල පසුවන මෙම ළමයින් අමතර පන්තියකට ගොස් ආපසු නිවෙස් කරා ගමන් කරමින් සිටියදී මෙසේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බවට තුවාල ලබා  රෝහල් ගතකර සිටින පාසල් ළමුන් පවසා තිබේ.

Exit mobile version