නුවරඑළියේ ජල බවුසර් බෙදා දීමක්.

නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජල බවුසර් බේදා දිමක් ඊයේ (16) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වූ බව වාර්තා වේ.

යු. එන්. හැබිටාඩ් සංවිධානයේ හා කොයිකා ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහය මත රුපියල් මිලියන 135ක් වටිනා ජල බවුසර් දෙකක් මෙහිදී නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස් ප්‍රභාත් විජේවර්ධන මහතා වෙත මෙහිදි බාර දිම සිදු කරන ලදි.

ඉදිරියේදී නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් පවතින ප්‍රදේශ හදුනා ගෙන එම ප්‍රදේශ සදහා මෙම ජල බවුසර් උපයෝගි කර ගෙන පානිය ජලය බේදා හැරිමට බලාපොරොත්තු වන බවද නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස් ප්‍රභාත් විජේවර්ධන මහතා මෙහිදි පවසා තිබේ.

මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය , යු. එන්. හැබ්ටාඩ් සංවිධානයේ හා කොයිකා ජත්‍යන්තර සංවිධානයේ නියෝජිත පිරිසක්ද එක් වූ බව සදහන්.

Exit mobile version