දෙහි මිල පාලනය කිරීමට විකල්පයක් ලෙස ලෙමන් භාවිතා කළ හැකි බවට ජාතික පාරිභෝගික පෙරමුණ පෙන්වා දෙයි.
පහත රට ඉඩම් හිමියන්ගේ සංගමය එක්ව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් සඳහන් කරන්නේ ග්‍රාමීය පරිසරයේ බහුලව වැවෙන ලෙමන්, දෙහි වෙනුවට ආදේශකයක් ලෙස වෙළෙඳපොළට හඳුන්වා දුන් සැනින් රු.2000 ක පමණ වටිනාකමකින් යුත් දෙහි මිල අඩු කරගත හැකි බවයි.
එමෙන්ම දිනෙන් දින ඉහළ යන එළවළු මිල පාලනය කරගැනීම සඳහා ද විකල්ප ලෙස ග්රාමීයව වැවෙන කොස්, දෙල්, කොහිල, කෙසෙල් මුව, තෙබු වැනි භෝග කෙරෙහි අවදානය යොමුකරන ලෙසද එහිදී සඳහන් කර තිබේ.
ඒ අනුව මෙම ග්‍රාමීය භෝග ප්‍රාදේශීය මට්ටමින් එකතු කර ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වෙත ලබාදීම තුළින් එළවළු මිල පාලනය කරගත හැකි බවට ඔවුන් පෙන්වා දී තිබේ.