කිරින්ද ,දළදාගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට ගිය නිමලව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරියෙකුට වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කිරින්ද පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කේ.ඩබ්. ඉන්දික කුමාර නමැති වනජීවී නියාමකවරයෙකි .
වන අලියාගේ ප්රහාරයෙන් ඔහුගේ ඉල ඇට තුනක් බිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි .
කිරින්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.