කාන්තාවක් පිළිස්සී ජීවිතක්ෂයට .

පන්විලතැන්න – ලෝරාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (12) කාන්තාවක් නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වේ.

නිවසේ තනිව ජීවත්ව සිට ඇති මෙම කාන්තාවගේ වයස අවුරුදු 94කි.

පොලීසිය පැවසුවේ මෙම කාන්තාවගේ පුතා හා ඥාතීන් විසින් නිවස ගිනි ගන්නා බව දැක ගින්න නීවීමට කටයුතු කර ඇතත් කාන්තාව ඒ වන විටත් මියගොස් සිටි බවයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

Exit mobile version